දිය ඇල්ලක් නැරඹීමට ගිය පිරිසකට සිදුවූ බිහිසුණු ඛේදවාචකය..05ක් මරුට..09කට බරපතලයි.(VIDEO)

Accident World news Brasheela Waterfall accident
By Aruna Jan 09, 2022 07:25 AM GMT
Aruna

Aruna

Report

බ්‍රසීලයේ පිහිටි සුප්‍රකට ෆර්නාස් දිය ඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් රැගත් මෝටර් බෝට්ටු දෙකක් මතට ඊට ඉහළින් තිබු පාෂාණ තට්ටුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් නව දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ගිනිකොනදිග බ්‍රසීලයේ පිහිටි සංචාරක ආකර්ෂණයක් සහිත Capitolio හි පිහිටි දිය ඇල්ලක් නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දී තිබෙනවා.

පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මෙසේ කැනියොන් පාෂාණ තට්ටුවේ කොටසක් මෙලෙස ෆර්නාස් විලට කඩා වැටී තිබෙනවා.

මෙම සිදුවීම සිදුවූ අවස්ථාව විදෙස් මාධ්‍ය වල පළ කර තිබුනේ මේ අයුරින්.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now