ජල කප්පාදුව හේතුවෙන් පොදු ස්ථාන වෙත බවුසර් මගින් පානීය ජලය
අඹතලේ සිට දෙහිවල දක්වා ප්‍රධාන ජල සැපයුම් මාර්ගයක සිදුවූ හදිසි බිඳ වැටීම හේතුවෙන්, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පොදු ස්ථාන වෙත බවුසර් මගින් පානීය ජලය බෙදා හැරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.
මෙම අවස්ථාව සම්බන්ධයෙන් සභාපති චන්දන බණ්ඩාර සඳහන් කළේ, දැනටමත් කළුබෝවිල සහ මුල්ලේරියාව රෝහල් වෙත බවුසර් මගින් ජලය සැපයුම් කටයුතු සිදු කරන බවයි.
හදිසි බිඳ වැටීමෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද පෙරවරුවේ සිට අත්හිටුවා ඇති අතර, ජල සම්පාදන මණ්ඩලය හෙට පෙරවරු 6 ට පෙර ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට සැලසුම් කර ඇත.