ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක්..

Colombo Gampaha Water cut
By Aruna Nov 11, 2021 06:35 AM GMT
Aruna

Aruna

Report

එළඹෙන සති අන්තයේ කොළඹ ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව නොවැම්බර් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 8 සිට නොවැම්බර් 14 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා එම ජල කප්පාදුව සිදුකෙරෙනු ඇති.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහත පරිදි වනවා.

කොළඹ 04, 05, 06, 07 සහ 08 කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි ජලකාන්දුවක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවන බවයි.

එම මණ්ඩලය දැනුම්දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha