ජල සම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇතුළු දෙදෙනෙකුට ඇප
අද (20) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී දර්ෂණ මැදවත්ත සහ තවත් සැකකරුවන් දෙදෙනෙක් ඇප මත මුදා හරින ලෙස නියෝග කර ඇත. ඒ අනුව අඳාළ නඩුකරය අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවා තිබුණා.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙතෙක් සිදු කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර සිටියා.
එය සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් අසා සිටියේ මෙම සැකකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරෝධතාවක් තිබේද යන්නයි.
එයට ප්‍රතිචාර වශයෙන් විමර්ශන නිලධාරීන් කියා සිටියේ සැකකරුවන්ට ඇප මත මුදා හැරීම සම්බන්ධව විරෝධයක් නොමැති බවයි.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත.
එමෙන්ම ඔවුන්ගේ විදේස් ගමන් තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබුණා.
පසුව අදාළ පැමිණිල්ල මැයි මස 29 වන දින නැවත කැඳවීමටද අධිකරණය නියම කර ඇත.
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයාට නිල වාහන දෙකක් තිබියදී ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයක් කුලී පදනම මත ලබා ගැනීම තුළින් සභාපතිවරයාට වාසි සැලසෙන ලෙස කටයුතු කිරීම ඔස්සේ රජයට රුපියල් 12,750,000/- ක් පාඩුවක් සිදු කර දූෂණය නැමැති වරද සිදුකිරීමට කුමන්ත්‍රණය කළේ යැයි අඳාළ සැකකරුවන් තිදෙනා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.