ජල බිල්පත ගැන විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Water Board
By Sewvandhi Jan 15, 2023 12:47 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින්, නව ක්‍රමවේදයක් හරහා ජල බිල්පත් ලබාදීම සහ ගෙවීම සිදුකිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත .

එම වැඩසටහන ලබන 17 වනදා යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමානාධිකාරී පියල් පද්මනාත මහතා සඳහන් කරනවා.

බිල්පත් නිකුත් කිරීමේ යන්ත්‍රයක් මගින් මාසික බිල්පත පාරිභෝගිකයින්ට ලබා දී බැංකු කාඩ්පත් මගින් එම බිල්පත ගෙවීම සඳහා ඔවුන්ට අවස්ථාව සලසාදීම මෙමගින් සිදුවන බව ඔහු සඳහන් පැවසීය.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා දැනුම්දුනී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha