ජලය සම්බන්ධයෙන් රතු නිවේදනයක් නිකුත් කෙරේ..
අවසන් නිවේදනය නිකුත් කර දින 14ක් ඇතුළත බිල්පත් ගෙවාදමන්න රතු නිවේදන නිකුත් කළ පාරිභෝගිකයන්ගේ ජල සැපයුම් විසන්ධි කිරීමට ජාතික ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මාර්තු මාසයේදී ජල සැපයුම් විසන්ධි කිරීම් වැඩිපුර සිදුකරන බව එහි සමාන්‍යාධිකාරි (අය කිරීම්) ඒකනායක විරසිංහ මහතා ඊයේ (10 වැනිදා) ප්‍රධාන පුවත්පතකට පවසා තිබේ.
ජල බිල්පත නිකුත් කර දින 30කදී ගාස්තුව ගෙවිය යුතු බවට 1978 අංක 02 දරන පනතින් ජල පාරිභෝගිකයන්ට නියෝගයක් නිකුත් කර තිබෙන බැවින් රතු නිවේදන නිකුත් කර පැය 48ක් ඇතුළත බිල්පත් ගෙවීම සිදු කළ යුතුය.
ජල සැපයුම විසන්ධි කරන බවට අවසන් නිවේදනය නිකුත් කර දින 14ක් ඇතුළත බිල්පත් පියවීමට අපොහොසත්වූ පාරිභෝගිකයන්ගේ ජල සැපයුම් විසන්ධි කිරීම මේ දිනවල දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන බව සහකාර සාමාන්‍යාධිකාරිවරයා පැවැසීය.
ඉකුත් ජනවාරි මාසය වනවිට පාරිභෝගිකයන් විසින් ගෙවීම පැහැර ඇති මුදල රුපියල් මිලියන 7200ක් පමණ බවත් මේ වනවිට එම මුදල රුපියල් මිලියන 6000ක් පමණ බවත් සමාන්‍යාධිකාරිවරයා කීවේය.
ජල සැපයුම විසන්ධි කිරීමෙන් පසු නැවත සම්බන්ධතාවය ලබා ගැනීමට ගෘහස්ථ පාරිභෝගිකයන් විසින් රුපියල් 1080ක්ද, රාජ්‍ය/පෞද්ගලික/ පූජනීය ස්ථාන/වාණිජ ආයතනවලින් රුපියල් 3240ක් ද අය කර ගන්නා බවද හෙතෙම පැවැසීය.
පාරිභෝගිකයන් ලක්ෂ 15ක පමණ පිරිසක් ජල බිල්පත් ගෙවීම මාස ගණනකින් ප්‍රමාද කිරීම හේතුවෙන් දෛනිකව පානීය ජලය සැපයීමේ මූල්‍ය අර්බුදයට ජාතික ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය මුහුණ පා සිටින බවද ඔහු පැවැසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |