ජල බිලත් වැඩි වෙයි?..සහන සියල්ල කපයි..

Sri Lanka Political Wasudewa nanayakkara Water bill
By Aruna Jan 04, 2022 12:53 AM GMT
Aruna

Aruna

Report

ජල ඒකක 25 ට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ලබාදුන් සියයට 10 ක වට්ටම මෙම මස සිට අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩල ආරංචි මාර්ග කියයි.

බලධාරීන්ගෙන් ජල ගාස්තු වැඩි කරන ලෙස අවස්ථා කීපයකදීම ඉල්ලීම් කළ ද එයට හොඳ ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් වර්තමාන තත්වය මත අදාල වට්ටම තවදුරටත් ලබා දිය නොහැකි නිසා එය අත්හිටුවීමට තීරණය කරන ලද බවද පැවසේ.

ජල ඒකක 25 ට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ට සියයට 10 ක වට්ටම 2012 වසරේ සිට ලබාදුන් බවත් ජලසම්පාදන මණ්ඩලයට තව දුරටත් ජනතාවට සහන ලබාදීමේ හැකියාවක් නොමැති බව කියැවේ.

ජලසම්පාදන මණ්ඩලය සෙසු ජල ඒකකවලට අදාලව කිසිඳු ගාස්තුවක් ඉහළ දැමීමක් කර නොමැති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now