වසන්තගේ උපන්ගම හැඬු කඳුළින් ශෝකය පළකළ අයුරු - නගරයම ශෝකයෙන් හැඩ වෙයි ( PHOTOS)

Nuwara Eliya Latest Headlines
By Sewvandhi Jul 11, 2024 11:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වෙඩි තබා ඝාතනයට ලක්වූ සන්හිල් වසන්ත , ක්ලබ් වසන්ත හා කැරොකේ වසන්ත යන අනුවර්ත නාම වලින් හඳුන්වනු ලබන සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ අභාවයට ශෝකය පළ කරමින් සිය උපන් ගම වන නුවරඑළිය නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට සහ ස්ථාන කිහිපයක මහජනතාවගේ ශෝකය ප්‍රකාශ කරමින් ශෝක පණිවිඩ ප්‍රදර්ශනය කර තිබුණා.

නුවරඑළිය ප්‍රදේශයේ ප්‍රභූවරුන්ට සහ ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ අවමංගල්‍ය උත්සව සඳහා පමණක් සැරසිලි සිදු කිරීමට නුවරඑළිය ප්‍රධාන වට රවුම්වල මෙලෙස අවමංගල්‍ය සැරසිලි සිදු කර තිබීම හා ශෝක පණිවිඩය ප්‍රදර්ශනය කිරීමට නුවරඑළිය මහ නගර සභාව අවසර ලබා දී තිබීම විශේෂත්වයක්.

ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා නුවරඑළිය උපන් අයෙක්වන අතර ඔහු ඔහු 1977 වසරේ නුවරඑළිය අප ස්වාමිඳුගේ ප්‍රාථමික පාසලේ අධ්‍යාපන ලබා ඇති අතර ඉන් අනතුරුව 1982 වසරේ සිට දිවිතීක අධ්‍යාපනය නුවරඑළිය ගාමිණී ජාතික පාසලට ඇතුළත්ව 1988 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ගණිත අංශයෙන් පෙනී සිට තිබෙනවා.

නුවරඑළියේ මහජනතාව ව්‍යාපාරිකයන් ඇතුළු සියලු පාර්ශවයන් ඔහුගේ ඝාතනය පිළිබඳ සිය ශෝකය පළ කිරීමට කොළඹ ප්‍රදේශයට ගමන් කිරීමද විශේෂත්වයක්.(උපුටාගැනීමක්)


GalleryGalleryGalleryGalleryGallery
ReeCha