වාසනා පැටීගේ නිවසේ තිබී සොයාගත් පුදුම හිතෙන දේවල්..(VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Oct 13, 2022 11:05 AM GMT
Sithumi

Sithumi

Report

2013 වසරේදී රන් මල්ලී නැමැත්තා ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වාසනා පැටී නැමැත්තාගේ මාතර පිහිටි නිවසේ තිබී පෞරාණික වැදගත්කමකින් යුත් භාණ්ඩ රැසක් සොයා ගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අතර පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගන්නා පෞරාණික භාණ්ඩ කිහිපයක්ද පවතින බවය. වීරකැටිය ප්‍රදේශයේ දෛනික පොලියට මුදල් ලබාදෙන රොෂාන් මදුසංඛ හෙවත් රන් මල්ලී නමැත්තාව 2013 වසරේදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙස්වලාගෙන සැඟව සිටි වාසනා පැටී නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් පසුගිය දා අත්අඩංගුවට ගත්තේය.

ඒ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර මහතාගේ මෙහෙයවීම යටතේය. ඒ අනුව සැකකරුගේ මාතර, කොටුවේගොඩ, අරලිය මාවත ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහි තිබී පෞරාණික වටිනාකමකින් යුත් භාණ්ඩ රැසක් එම නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබුණි.

එම භාණ්ඩ තොගය පරීක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබුණේ ඒ අනුවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම භාණ්ඩ අතර 1815ට පෙර භාවිත කළ භාණ්ඩ රැසක් පවතින බවය. එමෙන්ම එහි තිබූ ඇතැම් කාසි පළමු වරට මෙරටින් හමුවූ ඒවා බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විමර්ශන නිලධාරීන්ට දැනුම්දී තිබේ.

ඇතැම් සෙරමික් භාණ්ඩ ක්‍රිස්තු පූර්ව 4ට පෙර භාවිත කළ ඒවා වීමද විශේෂත්වයකි. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

 (වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha