රටම කතා වෙන නව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනාට වරෙන්තු.
Sri Lanka Police
Sri Lanka Magistrate Court
Dr.Archuna Chavakachcheri
By Wayomi
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනාට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක අද (26) නියෝග කරනු ලැබුවා.
ඒ ඔහු විසින් 2021.03.22 දින බේස්ලයින් මාර්ගයේදී ලසන්ක අබේවර්ධන යන අය පැදවූ මෝටර් රථය අනතුරට පත් කර, ඔහුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කැඳ වූ අවස්ථාවේදියි.
සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනා යන අය දිගින් දිගටම අධිකරණ මග හරිමින් සිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මීට පෙර නඩු දිනයේ ද ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණ ද එම වරෙන්තු ක්‍රියාත්මක වීමක් සිදු කළේ නැත.
අගතියට පාර්ශවය වෙනුවෙන් නීතීඥ අසංක මෙන්ඩිස්, නීතීඥ ෂෙහාන් රාජපක්ෂ සහ විනුර ජිනදාස යන නීතීඥවරුන් පෙනී සිටියා.
You may like this video