කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්.
Sri Lanka
Department of Meteorology
TN Weather
Weather
By Hashini
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් සිදු කර තිබෙනවා.
එය ඇම්බර් වර්ණයෙන් යුතු තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීමකි.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති හැකි බව එම නිවේදනයේ සඳහන්.
නිරිතදිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකිය.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
