මහ බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්. - "ක්‍රිකට් ක්‍රීඩකයාගේ වගාවට අහුවෙන්න එපා"

Central Bank of Sri Lanka
By Wayomi Apr 11, 2024 08:07 AM GMT
Wayomi

Wayomi

Report

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු කරගෙන යන බව කියන වගාවකට හා එවැනි ව්‍යාජ ස්ථානවල මුදල් ආයෝජන නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ, මුදල් ආයෝජන බාරගත හැක්කේ මහ බැංකුවේ ලියාපදිංචි ආයතනවලට පමණක් බවයි.

ඒ, අනුව එවන් විවිධ ක්‍රම හරහා ඇතැම් ව්‍යාජ ආයතන තැන්පතු භාර ගන්නේ නම් මහ බැංකුවට හෝ පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම මහ බැංකුවේ ලියාපදිංචි නැති කිසිම ආයතනයක හෝ වගා ඇතුළු ව්‍යාජ මුදල් ආයෝජන ක‍්‍රමවල මුදල් තැන්පත් කිරීමෙන් වැලකී සිටීමට ජනතාව වගබලා ගත යුතු බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.    

වැඩි විස්තර  

..................................................................

May you Like