පැය 24ක් රැඳී සිටින්න - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

By Hashini Jul 12, 2025 06:07 AM GMT
Report

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළ තීරය ඔස්සේ සුළං වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර තිබේ.

ඒ අනුව, ඉදිරි පැය 24 තුළ මුහුදට යාමෙන් වැළකීමට ධීවරයින්ට උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම, සබරගමුව පළාතේ සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලද විටින් විට වැසි ඇති විය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එයානම් එන්න එන්නම ලස්සන වෙනවා..දිනක්ෂිගේ හැඩ

එයානම් එන්න එන්නම ලස්සන වෙනවා..දිනක්ෂිගේ හැඩ

බස්නාහිර සහ වයඹ පළාත්වලද මඳ පමා වැසි ඇති විය හැකි බව වාර්තා වී ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 2025 ජූලි 11 වන දින නිකුත් කළ නිවේදනයේ මේ කරුණු ඇතුළත්ය.

ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද සහ දකුණු පළාත්වල පැයට කිලෝමීටර 40-50 ක මධ්‍යස්ථ සුළං හමා යා හැකි බවත් සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි අතරතුර, තාවකාලිකව තද සුළංද ඇති විය හැකි බවත්, අකුණු නිසා සිදුවන හානි අවම කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් මහජනතාවට උපදෙස් දී ඇත.

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්