ප්‍රබල අකුණු පිළිබඳ රතු නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනය උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (02)නිකුත් කර ඇත.
මෙම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බවත්, ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
මීට අමතරව, ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇතිවීමේ අවදානමක් ද පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.
අකුණු හා තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙසත්, විශේෂයෙන් එළිමහන් කටයුතුවලදී සැලකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.
