ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..!
කොවිඩ් වසංගත තත්ත්වය තවත් වසරක් පුරාවට පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. එහි ජ්‍යෙෂ්ඨ නායක බෘෘස් අයිල්වර්ඩ් මහතා පැවසුවේ, දිළිඳු රටවලට අවශ්‍ය එන්නත් නොලැබීම ඊට හේතුව බවය.
මේ හේතුවෙන් 2022 වසරේ දී ද කොවිඩ වසංගත ව්‍යාප්තිය තවදුරටත් පැවතිය හැකි බව ඔහු පෙන්වාදෙයි. අප්‍රිකානු මහද්වීපයේ සියයට පහකටත් අඩු ජනගහයක් එන්නත්කරණයට භාජනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.
මේ අතර , ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් බෙල්ජියමෙන් ඇනවුම් කර ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත නිෂ්පාදන සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පවසයි.
අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ, වසංගත රෝග විද්‍යා ඒකකයේ උපදෙස් අනුව මෙම ඇනවුම සිදු කළ බව ය. ඒ අනුව, අදාළ එන්නත් තොගය දෙසැම්බර් මාසයේ සිට මෙරටට ලැබීමට නියමිත බව ඔහු පැවසී ය. ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක ප්‍රමාණයක් මේ වන විට මෙරටට ගෙන්වා ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර, වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේ, අදාළ එන්නත්, මාත්‍රා දෙක ම ලබා ගත් පුද්ගලයින්ට බූස්ටර් මාත්‍රාවක් වශයෙන් ලබා දෙනු ඇති බව ය.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |