Omicron ගැන WHO කියන අලුත්ම කතාව - සූදානමින් සිටින්න..

WHO COVID19 VACCINATION OMICON
By Sewvandhi Dec 04, 2021 03:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝකවාසීන් කලබලයට පත්වීමෙන් පළක් නොවන අතර, ඊට මුහුණ දීමට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප්‍රධාන විද්‍යාඥවරිය සෞම්‍යා ස්වාමිනාදන් සඳහන් කළේ, දැන් ලෝකය නව කොරෝනා ප්‍රභේදයට මුහුණදෙන්නේ මීට වසරකට පෙර පැවති තත්ත්වයට බෙහෙවින් වෙනස් වාතාවරණයක් මැද බවයි.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ලොව රටවල් 40කට පමණ ව්‍යාප්ත වී ඇති අතර, එය එන්නත්කරණය පහසුවෙන් මඟහරිමින් ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් පෙන්නුම් කරන බව දැන් තහවුරු කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා අධ්‍යක්ෂ මයික් රයන් ජිනීවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ, කොරෝනා ප්‍රභේදවලට එරෙහි ක්‍රියාකාරීත්වයක් සහිත එන්නත් අද ලෝකය නිෂ්පාදනය කර ඇති බවයි.

එම එන්නත් ලොව පුරා සාධාරණ අන්දමින් බෙදාහැරීම වසංගතය පාලනය කිරීමේ මග ලෙස ඔහු හැඳින්වූවා. ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන් දැනට නිපදවා ඇති කොරෝනා එන්නත් වෙනස් කිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් මතු වී නොමැති බවයි මයික් රයන් අවධාරණය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW