කොවිඩ් වලටත් දෙවෙනි නොවන ප්‍රභල රෝගයක් මෙරටින්
කොරෝනා ආසාදිතයන් අතරින් කළු දිලීර රෝගය වාර්තා වීමට අමතරව ඊට වඩා අවදානම් සහගත නිව්මෝනියා හේතුකාරක දිලීර රෝගයක් පිළිබඳව දිලීරවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර අනතුරු ඇඟවීමක් කර ඇත.
‘ඇස්පර්ජිලස්’ නමැති මෙම රෝග කාණ්ඩය ප්‍රථමයෙන් පටන් ගැනෙන්නේ පෙනහලු ආශ්‍රිතව බව ද ඇය සඳහන් කළාය. මෙම රෝගීන් කොවිඩ් නිව්මෝනියාව නිසා මෙම තත්ත්වය පෙන්නුම් කරන අය බව ද ඇය පැවසුවාය.
ලෝකයෙන් බහුලවත් කොරෝනා ආසාදිතයන්ගෙන් මෙම රෝග ලක්ෂණ හඳුනාගෙන ඇති බව ද ඇය සඳහන් කළාය. මෙරටින් ලේවල දිලීර රෝගයක් සහ කළු දිලීර රෝගය මේ වනවිට හඳුනාගෙන ඇතැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
එමෙන්ම,කලු දිලීර රෝගය ආසාදිත රෝගීන් කිහිපදෙනෙකු කොළඹ ජාතික රෝහල – කුරුණෑගල හා රත්නපුර ඇතුලු රෝහල් කිහිපයකින් මේවනවිට වාර්තා වී තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
කෙසේ වෙතත් කලු දිලීර ආසාදන තත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ නොවන බැවින් මෙම රෝගී තත්වය රට තුළ වසංගතයක් ලෙස ව්‍යාප්තවීමේ කිසිදු හැකියාවක් නොමැති බවයි වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේ.
ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය හීන වූ තැනැත්තන් කලු දිලීර රෝගයේ අවදානම් කණ්ඩායම් ලෙස හදුනාගෙන තිබෙනවා.
එවැනි පුද්ගලයන් හට මෙම රෝගය වැළදුනහොත් අවසානයේ මරණයට පත්වීමටද ඉඩ ඇති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |