''මුහුණු ආවරණ නිසා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක්!''

infections covid 19 face mask spreading Ajantha Perera
By Sewvandhi Aug 12, 2021 12:03 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනාවෛරසයෙන් බේරීම සඳහා අනිවාර්යයෙන් පැළඳිය යුතු මුහුණු ආවරණ (Masks) නිසා ම කොරෝනාවෛරසය පැතිරීමේ අවදානමක් පවතින බවට ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය අනතුරු අඟවයි.

ඇය පෙන්වා දෙන්නේ, රෝහල්වල මෙන් ම පෞද්ගලිකව ද භාවිත කරන මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම් සහ අත් ආවරණ විනාශ කිරීමේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බවය.

මේ හේතුවෙන් පාවිච්චි කරන ලද මුහුණු ආවරණ පරිසරයට මුදා හැරීම නිසා කොරෝනාවෛරසය පැතිරීමේ අවදානමක් ඇතැයි ඇය පැවසීය. ඇය පෙන්වා දුන්නේ, නිවාසවලින් ඉවත ලන මුහුණු ආවරණ පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළට යටතේ රැගෙන යන අතර අපද්‍රව්‍ය කළමනාකරණ සේවකයින් ද වෛරසයට නිරාවරණය වීමේ අවදානමක් පවතින බවය.

පාවිච්චි කරන ලද මුහුණු ආවරණ ඉවත දැමීම සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේද තුනක් පිළිබඳව ඇය කරුණු දැක්වීය.

1. මුහුණු ආවරණ පුළුස්සා දැමීම.

2. ඉවත දැමීමට පෙර විෂබීජ නාශකයකින් පිරිසුදු කිරීම.

3. ඉවත දැමීමට පෙර උණුසුම් ජලයෙන් තැම්බීම.

මෙම ක්‍රමවේද අතරින් වඩාත් යහපත් ක්‍රමවේදය වන්නේ, පාවිච්චි කර ඉවත ලන මුහුණු ආවරණ පුළුස්සා දැමීම බව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මියගේ අදහසයි.

මුහුණු ආවරණ පුළුස්සා දැමීමෙන් යම් ආකාරයකින් පරිසර දූෂණයක් විය හැකි නමුත් කොරෝනාවෛරසය ව්‍යාප්ත වීම එමගින් පාලනය වන බව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පෙන්වා දුන්නාය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, රෝහලේ ඉවත ලන මුහුණු ආවරණ ආදිය අපද්‍රව්‍ය බහාලුම්වලට දමා මුද්‍රා තබා පෞද්ගලික ආයතනයක් වෙත භාර දෙන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now