Covid මරණ යළිත් වැඩිවේ..මුළු දිවයිනටම දැඩි අනතුරු ඇඟවීමක්..!
කොවිඩ් ආසාදිත මරණ 29 ක් ඊයේ (25) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබූ අතර එය කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
මෙලෙස මරණ ඉහළ යාම කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් කරුණු සොයා බලමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
"ඊයේ වාර්තා වුණ පරිදි මරණ වාර්තා වීමේ යම් වැඩිවීමක් අපට දකින්ට ලැබෙනවා. මේක ගැන මේ මොහොතේ කියන්නට ස්ථීරවම කල් වැඩි. මොකද ඕනෑම මොහොතක ඕනෑම මරණ සංඛ්‍යාවක උච්චාවචනයක් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. නමුත් මේ මරණ වැඩිවීම අපට සියයට සියයක් සැහැල්ලුවෙන් හිතන්නට පුළුවන් දෙයක් නොවන නිසාත් මුලින්ම දකින අවස්ථාවේදීම මේක සංවාදයට ගැනීමටත් වැදගත් වෙනවා.
අපිට යම් කිසි ආකාරයක ඉඟියක්ද දෝ මේ පළ කරේ කියලා මේ මරණ වැඩිවීම. ඒ නිසා මේ මරණ වැඩිවීම ගැන වසංගත රෝග විද්‍යා අංශය මඟින් විශ්ලේෂණය කරලා අවශ්‍ය කරන තොරතුරු ලබාදේවී. එතෙක් අපට කියන්න තියෙන්නේ. මේ මරණ වැඩිවීම අපි නොදැනුවත්ව රෝග වැඩිවීමක් සමහර විට සිදුවෙලා තියනවාද කියන එක ගැන සැකයක් ඇති වෙනවා. ඒ නිසා අපි හැමෝම ඉතාම කල්පනාවෙන් ඉන්න ඕනේ."
මේ අතර, මෙරට පුද්ගලයින් 115,698 දෙනෙකුට ඊයේ දිනයේ දී කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය. මොඩර්නා සහ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාවත්, සයිනොෆාම් හා ෆයිසර් යන එන්නත්වල පළමු සහ දෙවන මාත්‍රාවත් මෙලෙස ලබාදී තිබේ. කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ පිහිටි ජාත්‍යන්තර පාසල්වල සිසුන් සඳහා ද එන්නත්කරණ කටයුතු අද (26) ආරම්භ කෙරුණි.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |