දිස්ත්‍රික්ක 6ක් දැඩි කොවිඩ් අවදානමක..සීඝ්‍ර පැතිර යාමක්..
දිස්ත‍්‍රික් 06ක කොවිඩ් රෝගීන් ධාරිතාව ඉක්මවා වාර්තා වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව කුරුණෑගල, පුත්තලම, කොළඹ, ගාල්ල, කළුතර, ගම්පහ යන දිස්ත‍්‍රික්කවල රෝගීන් සඳහා රෝහල්වල ඉඩකඩ සීමිතව පවතින බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප‍්‍රකාශ කළේ.
රට ඉතාම නරක තත්ත්වයට පත්වෙමින් පවතින බව පෙන්වා දුන් බාලසූරිය මහතා මේ පිළිබදව සියලු දෙනාගේ අවධානය ඉක්මනින් යොමු කළ යුතු බවද පැවසුවා. දිනපතා වාර්තා වන රෝගීන් ගණන හා සිදුවන මරණ සංඛ්‍යාව ද වැඩිවෙමින් පවතින බවත්, ධාරිතාව ඉක්මවා ගොස් ඇති බැවින් රෝගීන් නිවාසවල තබාගෙන බලාගැනීමට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නා.
වාර්තාවන රෝගීන්ගේ රෝග ලක්ෂණ බැලූ විට ඔවුන්ට වැළදී ඇත්තේ ඩෙල්ටා ප‍්‍රභේදය බව පැහැදිලි වන බවත්, පවුලේ එක් අයෙකුට වැළදුණු විගස අනෙක් සියලු දෙනාට ද බෝවීම එම ප‍්‍රභේදයේ ලක්ෂණයක් බව ද බාලසූරිය මහතා සඳහන් කළා. මේ වනවිට සංචරණ සීමා ලිහිල් කර තිබුණත් සියලු පුරවැසියන් ස්වයං වාරණ පනවාගත යුතු බවත්, ගමන් බිමන් අවම කළ යුතු බවත් ලේකම්වරයා අවධාරණය කළා.
කොවිඞ් එන්නතෙන් සිදුවන ආරක්ෂාව ලබා ගැනීමට එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගෙන සති කිහිපයක් ගතවිය යුතු බවත් එන්නත ගෙන ඇති අයට රෝගය වැළදීමට හැකියාවක් ඇති බවත් පෙන්වා දුන් බාලසූරිය මහතා එන්නතෙන් සිදුවන්නේ මරණීය තර්ජනය අවම වීම බවයි පැවසුවා.
මේ අවස්ථාවේ රට පවතින්නේ ඉතා දරුණු හා භයානක අවස්ථාවක බැවින් කොටහළු මගුල් උත්සව, විවාහ මංගල උත්සව, සම්භාෂණ හෝ ප‍්‍රියසාද නවතාලන්නැයි තමන් ජනතාවට ආයාචනා කරන බවත් රජයට හෝ සෞඛ්‍ය බලධාරින්ට පමණක් නොව මෙම විනාශයෙන් ගැලවිමේ වගකීමක් ජනතාවට ද ඇති බවත් බාලසූරිය මහතා කියා සිටියා.
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |