මෙයාව දැක්කොත් වහාම පොලීසියට දැනුම් දෙන්න [PHOTO]
රුපියල් මිලියන 150 ක් වටිනා ඉඩමකට අදාළ ව්‍යාජ ලියකියවිලි සකස් කළ බවට චෝදනා එල්ල වී ඇති සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.
කුලී නිවසක රැඳී සිටියදී සැකකාරිය ව්‍යාජ ඔප්පු සහ ලියකියවිලි සකස් කළ බවට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
මේ වනවිට ඇය පලාගොස් ඇති අතර , ඇය පදිංචිව සිටින නිවස පිහිටි ස්ථානය බලධාරීන් තවමත් තහවුරු කර නොමැත. එබැවින්, සැකකාරිය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් හෝ ඉඟියක් ඇති ඕනෑම අයෙකු පොලිස් ක්ෂණික දුරකථන අංක හරහා පොලිසියට වාර්තා කරන ලෙස ඉල්ලා සිටී.
දුරකතන අංක -
වාණිජ අපරාධ විමර්ශන 03 අංශය - 011 - 2434504
මෙහෙයුම් මැදිරිය - 011 - 2422176 (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව)