වනිඳු හසරංග වාර්තා පොත් අලුත් කරයි..විශිෂ්ඨ පන්දු යැවීමක්.

Cricket Sri Lanka Sport Wanindu hasaranga
By Aruna Dec 02, 2021 03:24 AM GMT
Aruna

Aruna

Report

අබුඩාබි ටී ටෙන් ක්‍රිකට් තරගාවලියේදී යළිත් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට ශ්‍රී ලංකාවේ වනිදු හසරංග ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර දහයේදී ලකුණු 140 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 78 ක් පමණයි.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග නියමිත පන්දුවාර දෙකේදී එක් නිලකුණු පන්දුවාරයක්ද සමග ලකුණු 8 කට කඩුළු 5 ක් බිද හෙළුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha