“ඩෙල්ටා ප්ලස්” මෙරටට ආවොත් සිදුවිය හැකි දේ..භයානක හෙළිදරව්වක්.!!!

vaccination quarantine delta plus Ranjith Batuvanthudava Hematha Herath
By Sewvandhi Oct 23, 2021 04:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වීමට බොහෝ විට විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයන් හේතු විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙනවා .

එම ප්‍රභේදය මෙරටට ඇතුළු වීම ප්‍රමාද කළ හැකි වුවත් එය සම්පූර්ණයෙන් නැවතිය නොහැකි බවත් යම් හෙයකින් එම ප්‍රභේදය මෙරටට පැමිණියහොත් එහි පැතිරීම තීරණය වන්නේ ජනතාවගේ සෞඛ්‍ය පුරුදු මත බවත් ඒ මහතා පෙන්වා දෙන්නේ.

 මේ වනවිට මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේ පසුවන බවත් මෙහි හැසිරීම රටාව ගැන දැනගැනීමට තහවුරු කළ තොරතුරක් ලබාගත යුතු බවත් ඒ සඳහා තව දින කීපයක් ගතවෙනු ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.

ඕනෑම ප්‍රභේදයක් ලංකාවට පැමිණීමේ ප්‍රවණතාවක් තිබෙන බවත් එය රඳා පවතින ප්‍රධානම ක්‍රමවේදය තමා ලංකාවට පැමිණෙන පුද්ගලයන් හරහා වන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

ලෝකයේ ඕනෑම තැනක ඇතිවෙන මෙවැනි ප්‍රභේදයක් බොහෝ වෙලාවට වැඩියෙන් ජනයා සංක්‍රමණය වන උතුරු අමෙරිකාව, යුරෝපය, මැදපෙරදිග හා ඈතපෙරදිග ආදි වශයෙන් විශේෂයෙන් ජනතාව වැඩි වැඩියෙන් සංචරණය වන ප්‍රදේශවලට මුලින් පැමිණී, ඒ හරහා ලංකාවට ඒම මුලින්ම සිදු වන බවද අවධාරණය කළා.

මේ සම්බන්ධයෙන් මෙරට වෛද්‍ය විශේෂඥයන් අවධානයෙන් සිටින බවත්, එන්නත්කරණය තුළින් ප්‍රභේද ඇති වීමට හෝ නැති වීමට විශාල බලපෑමක් සිදුනොකරන බවයි වෛද්‍යවරයා වැඩිදුරත් පැවසුවේ.

කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදයේ අනුප්‍රභේදයක් ලෙස ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘ඩෙල්ටා ප්ලස්’ (Delta +) නම් නව ප්‍රභේදය ලොව පුරා හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. ඉහළ ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්වූ රටවලින් මේ වනවිට ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය වාර්තා වී ඇත.

ඩෙල්ටා ප්ලස් ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් සහිත සංකූලතා වැඩි කොවිඩ් අනු ප්‍රභේදයක් බවද වාර්තා වී තිබේ. මේ වනවිට රටවල් 27ක ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය දැකිය දැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ද මේ වනවිට ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්කර සිටින බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා කටයුතු කළහොත් ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටද ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බව ඔහු පවසයි.

පවතින සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරන බවක් සමාජයේ පෙන්නුම් කරන බැවින් ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය වළක්වා ගැනීමට ජනතාව වඩා අවදානයෙන් කටයුතු කළයුතු බව වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය සඳහා කොවිඩ් එන්නත් සාර්ථක ප්‍රතිචාර දක්වනවාද යන්න තවදුරටත් පර්යේෂණ සිදු කරමින් පවතින බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.