උඩින්ම හිටිය වනිඳුට වෙලා තියෙන දෙයක්..
By krishani
විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල හොඳ ම තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පළමු ස්ථානයේ ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග රැදී සිටියේ ය.
නමුත් මේ වන විට එම ස්ථානය ඔහුට අහිමි වී තිබෙනවා.
ඒ අනුව, අයි.සී.සී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල නවතම දත්ත සටහන අනුව පළමු ස්ථානයේ පසු වූ වනිඳු තුන් වැනි ස්ථානයට පත්ව ඇත.
ඒ ප්‍රසාද ලකුණු 216ක් ලබාගෙනයි.
එම ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණේ පසු වන්නේ, ඇෆ්ගනිස්තාන ක්‍රීඩක මොහොමඩ් නබී වේ.
ඔහු ප්‍රසාද ලකුණු 231ක් ලබාගෙන සිටියි.
කෙසේ වෙතත්, එම ශ්‍රේණිගත කිරීම් සටහනේ දෙවැනි ස්ථානයේ පසු වන්නේ ඔස්ට්‍රෙලියානු ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් වේ.
ඒ ප්‍රසාද ලකුණු 225ක් ලබා ගනිමින් ය.