හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. මේ දැන් කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..

Report

හෙට (12) දහවල් 1න් පසු සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු නතර කරන බව ලංකා ගුරු සංගමය සඳහන් කළේ ය.

හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. මේ දැන් කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Teacher Principals Will Protest 12Th June 2024

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ හෙට දහවල් සාමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථාන 101 ඉදිරිපිට සහ දිවයින පුරා කලාප කාර්යාල 100ක් ඉදිරිපිට ගුරු - විදුහල්පති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බවයි.

හෙට විතර ද?. නැත්නම් හැමදාටම ද?. විශ්‍රාමිකයන් ගැන ගත්ත විශේෂ තීරණයක් මෙන්න..

හෙට විතර ද?. නැත්නම් හැමදාටම ද?. විශ්‍රාමිකයන් ගැන ගත්ත විශේෂ තීරණයක් මෙන්න..


මෙය සිදු කිරිමට හේතුව ගුරු-විදුහල්පති වැටුප් දීමනාව ඉවත් කිරීම, අධ්‍යාපනයේ බර දෙමව්පියන් මත පැටවීම වහා නතර කිරීම යන ඉල්ලීම් මුල් කරගෙන ය.

දීමනාවක් ඉහළට?. මේ ඒ ගැනයි..

දීමනාවක් ඉහළට?. මේ ඒ ගැනයි..


කෙසේ වෙතත්, හෙට පාසල් අවසන්වීමෙන් පසු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ ජෝසප් ස්ටාලින් මහතා,

"දැන් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු සිදුවෙනවා. මේ සාමාන්‍ය පෙළ ඇගයීම් සඳහා ලබා දෙන දීමනාව මේ වන විටත් ලබාදීලා නැහැ.දීමනා වැඩි කිරීමක් සිදු කරලත් නැහැ. හෙට සාමාන්‍ය පෙළ විභාගය ඇගයීම් කටයුතු 1න් පස්සේ නතර කරනවා. මේක විභාග කොමසාරිස්වරයාට අපි ලිඛිතව දැනුම් දීලා තියෙන්නේ. අපේ ස්ථාවරය තමයි මේ වර්ෂය තුළ ගුරු - විදුහල්පති වැටුප් සමතාව වෙනුවෙන් මුදල් වෙන් කර යුතුමයි කියන එක."