බංගලියන්ට ශ්‍රී ලංකාව පැරදුණ තරගයේ දී වනිඳු විශේෂ වාර්තාවක් තැබුවෙ මෙන්න මෙහෙමයි..

Report

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග විස්සයි විස්ස තරග රටාව තුළ වැඩිම කඩුලු දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත් වීමට සමත් විය.

බංගලියන්ට ශ්‍රී ලංකාව පැරදුණ තරගයේ දී වනිඳු විශේෂ වාර්තාවක් තැබුවෙ මෙන්න මෙහෙමයි.. | Wanindu Hasaranga

ඒ, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමඟ අද (08) පැවති තරගයේ දී කඩුලු 02ක් බිඳ දැමීමත් සමඟයි.

ඒ, අනුව මේ වනවිට වනිඳු විස්සයි විස්ස ක්‍රිකට් පිටිය තුළ දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 108ක් වේ.

කෙසේ වෙතත්, මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ කඩුලු 107ක් දවාගෙන වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්ව සිටියේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග වේ.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නොමිලේම ලැබෙන දෙය.. අනිත් රාජ්‍ය සේවකයින්ට?.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නොමිලේම ලැබෙන දෙය.. අනිත් රාජ්‍ය සේවකයින්ට?.


මේ අතර, අද (08) දින ඩලස් හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේ පැවති පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් පරාජයට පත් විය.

ඒ දුර්වල පිතිකරණය හේතුවෙන් ය.

ශ්‍රී ලංකා පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියක බංග්ලාදේශය හමුවේ පරාජයක් ලැබු පළමු අවස්ථාව මෙය වේ.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 124කට සීමා කිරීමට බංග්ලාදේශය කණ්ඩායම සමත් විය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

ශ්‍රී ලංකාවට සුපිරි 08 දෙනාගෙ වටයට යන්න පුලුවන් වෙයි ද?. ඒ ගැන විශේෂ පණිවිඩයක් මෙන්න.

ශ්‍රී ලංකාවට සුපිරි 08 දෙනාගෙ වටයට යන්න පුලුවන් වෙයි ද?. ඒ ගැන විශේෂ පණිවිඩයක් මෙන්න.