ඉන්ධන ගැටලුව හිතනවාට වඩා බැරෑරුම් තත්ත්වයක් - ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා සඳහන් කරන ආකාරයට ඉන්ධන තත්ත්වය වර්තමානයේ ඉතා දරුණු තත්ත්වයක් බවත්, එම ගැටළුවට මුහුණදීමට රටේ සියළුම පාර්ශ්ව එකට සහයෝගයෙන් කටයුතු කළ යුතු බව  අද (10) පැවැති විශේෂ මාධ්‍ය හමුවේ පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කළේ, ජනතාව අත්‍යවශ්‍ය භාවිතය සඳහා පමණක් තෙල් වැයකර, අනිවාර්ය නොවන ගමන් සහ කටයුතු සඳහා පාවිච්චිය අඩු කළ යුතු බවය.

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

ඔහු තෙල් මිල මේ මට්ටමට පැවතිය හොත් හෝ වැඩි වුවහොත්, රටට පමණක් නොව ලෝක වාණිජ, බලශක්ති සහ ආර්ථික පද්ධතිටද දැඩි බලපෑමක් ඇතිවන බවත් අවධාරණය කළේය.

ඊට අමතරව, පසුගිය සතිය තුළ ඩීසල් 59,200 මෙටික්ටොන් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් 47,500 මෙටික්ටොන් ලෙස සාමාන්‍ය පරිභෝජනයට ඉහළ පරිමාණයක් වැය කර ඇති බවත්, මේ මස 1 සහ 7 වැනිදා නැව්වලින් ලැබුණු තෙල් නිසා ඉන්ධන මිල අනිවාර්යෙන්ම ඉහළ යන බවද රාජකරුණා මහතා පැවසීය.

ඉන්ධන මිල ඉහළ යද්දී රජයෙන් ජනතාවට ඉන්ධන සහනාධාරයක්

ඉන්ධන මිල ඉහළ යද්දී රජයෙන් ජනතාවට ඉන්ධන සහනාධාරයක්

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සාමාන්‍ය ක්‍රමයට මාසයේ මුල් සතියේ මිල වැඩි කිරීම සාමාන්‍යය, නමුත් යුද්ධ සහ අසාමාන්‍ය තත්ත්වයන් යටතේ මේ ආකාරයට තෙල් මිල ඉහළ යෑම අසාමාන්‍ය බවත්ය.