ශ්‍රී ලංකාවට සුපිරි 08 දෙනාගෙ වටයට යන්න පුලුවන් වෙයි ද?. ඒ ගැන විශේෂ පණිවිඩයක් මෙන්න.

Report

අද (08) දින ඩලස් හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේ පැවති පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් පරාජයට පත් විය.

ශ්‍රී ලංකාවට සුපිරි 08 දෙනාගෙ වටයට යන්න පුලුවන් වෙයි ද?. ඒ ගැන විශේෂ පණිවිඩයක් මෙන්න. | Sri Lanka In 20 Over World Cup Cricket Tournament

ඒ දුර්වල පිතිකරණය හේතුවෙන් ය.

ශ්‍රී ලංකා පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියක බංග්ලාදේශය හමුවේ පරාජයක් ලැබු පළමු අවස්ථාව මෙය වේ. 

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 124කට සීමා කිරීමට බංග්ලාදේශය කණ්ඩායම සමත් විය.

ශවේන්ද්‍ර සිල්වා ගැන විශේෂ තීරණයක් ගනී - වහාම ගැසට් නීවේදනයකුත් නිකුත් කරයි..

ශවේන්ද්‍ර සිල්වා ගැන විශේෂ තීරණයක් ගනී - වහාම ගැසට් නීවේදනයකුත් නිකුත් කරයි..


ලකුණු 125ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශට දැඩි පීඩණයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණේ, පළමු කඩුළු 3 ලකුණු 28ක් තුල දවාගනිමින් ය.

වනිඳු හසරංග යැවූ 12 වැනි පන්දුවාරයේ දී තව්හිද් හ්‍රිදෝයි පිට පිට එල්ල කළ හයේ පහර 3ත් සමග බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත විවර විය.

18 වැනි පන්දුවාරය නිමා වෙද්දී ශ්‍රී ලංකා නිත්‍ය පන්දු යවන්නන් සිව්දෙනාගේ පන්දුවාර 16 යොමු කර අවසන්ව තිබී ය.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පිළිබඳ තබා තිබු බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදු විය.

අවසන් පන්දුවාර දෙකට කඩුළු දෙකක් අතැතිව බංග්ලාදේශය ලකුණු 11ක් රැස්කරගත යුතුව තිබුණ ද අවසන් පන්දුවාර දෙක යැවීම සඳහා තරගය තුළ එතෙක් පන්දු නොයැවූ දසුන් ශානක හෝ ඇන්ජලෝ මැතිව්ස් අතරින් එක් පන්දු යවන්නෙක් තෝරාගැනීමට වනිඳුට සිදු විය.

කෝලිවත් අභිබවා ගිය බාබර් - එතකොට කෝලිට මොකද වුණේ?.(PHOTOS)

කෝලිවත් අභිබවා ගිය බාබර් - එතකොට කෝලිට මොකද වුණේ?.(PHOTOS)


19වැනි පන්දුවාරය යැවීමේ වගකීම දසුන් ශානකට පැවරුණු අතර එම පන්දුවාරයේ දී ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 11 රැස් කරගනිමින් බංග්ලාදේශය තරගයේ ජය වාර්තා කළේ ය.

එම පරාජයත් සමග ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට තිබෙන අවස්ථාව තවදුරටත් අවම මට්ටමකට පත් විය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාවට ඇති ඉතිරි තරග දෙකම ජය ගත යුතු වේ.

එමෙන්ම, දකුණු අප්‍රිකාව හෝ බංග්ලාදේශය ඔවුන් සහභාගී වන ඉතිරි තරගවලින් දෙකක් පරාජයට පත්විය යුතුය.