ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නොමිලේම ලැබෙන දෙය.. අනිත් රාජ්‍ය සේවකයින්ට?.
ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් භක්තිකයන් වෙත සෞදි අරාබි රජය වාර්ෂික හජ් වන්දනාව සඳහා නොමිලේ සහභාගි වීමට අවස්ථාව දීමට තීරණය කර තිබෙනවා.
මෙම අවස්ථාව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් අල්කතානිගේ මැදිහත්වීමෙන් ලබා දී ඇත.
කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍යවරයා කළ මෙම විශේෂ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සෞදි අරාබි තානාපතිවරයා එරට රජයේ අනුග්‍රහය ඇතිව වාර්ෂික හජ් වන්දනාව සඳහා විශේෂ අවස්ථා පහක් දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා.