රස ගුණ පිරි අලිගැටපේර ගැන මෙහෙම කතාවක් අහලා තිබ්බද? අලිගැටපේරවලට කැමතියි නම් අනිවාර්යෙන් කියවලා බලන්න

Report

අලිගැටපේර කියන්නේ කොයි කවුරුත් කැමති ප්‍රණීත පලතුරක්නේ. හැබැයි අපි ගෙඩිය කපපු ගමන්ම ඉවත් කරන අලිගැටපේර ඇටවලින් සැකසුනු තේ ගැන අහලා තියෙනවද?.

ඔන්න අද මේ ලිපියෙන් කියන්න යන්නේ අලිගැට පේරවලට කැමති ඔයාට තවත් රසවත් රහසක්.

රසයෙන් වගේම පෝෂණ ගුණයෙනුත් ඉහළ අලිගැටපේර කියන්නේ ඉතාමත් ගුණ පලතුරක්.

රස ගුණ පිරි අලිගැටපේර ගැන මෙහෙම කතාවක් අහලා තිබ්බද? අලිගැටපේරවලට කැමතියි නම් අනිවාර්යෙන් කියවලා බලන්න | Avocado Seed Tea Health Benefits

අලිගැටපේර මදවලට හා පොතු වලටත් වඩා එහි ඇටය පෝෂ්‍ය පදාර්ථවලින් පොහොසත් බවට මේ වන කොට කරුණු අනාවරණය කර ගෙන තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.

මේ අලිගැටපේර ඇටයක අපේ ශරීරයට අවශ්‍ය දෛනික ෆයිබර් ප්‍රමාණය අඩංගු වෙන බව කියනවා.

ඒ වගෙම අපි සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා අලිගැටපේර මද හා වෙනත් එළවලුවක හෝ පලතුරක තිබෙනවාට වඩා ප්‍රතිඔක්සිකාරක අලිගැටපේර ඇටයක අඩංගු බව වාර්තා වෙනවා.

රස ගුණ පිරි අලිගැටපේර ගැන මෙහෙම කතාවක් අහලා තිබ්බද? අලිගැටපේරවලට කැමතියි නම් අනිවාර්යෙන් කියවලා බලන්න | Avocado Seed Tea Health Benefits

ඉතින් මේ අලිගැටපේර ඇටයේ බෙහෙවින් ෆයිබර් අඩංගු හින්දා මලබද්ධය, අතීසාරය වැනි රෝගාබාධවලින් ආරක්ෂා වෙන්න උදව් වෙනවා.

ඒවගේම අලිගැටපේර ඇටයේ ඇති Phenolic ප්‍රතිඔක්සිකාරක සංයෝගය ඔබේ උදරයේ ඇතිවන වේදනාවන් සමනය කිරීමට උපකාරීවන ප්‍රතිවෛරස හා බැක්ටීරියා නාශක ගුණවලින් සපිරියි.

ඒ විතරක් නෙවෙයි ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට අලිගැටපේර ඇටවලට හැකියාව තිබෙන අතර අලිගැටපේර නිසා සමේ රැලි වැටීමත් අඩු කරන බව සඳහන් වෙනවා.

රස ගුණ පිරි අලිගැටපේර ගැන මෙහෙම කතාවක් අහලා තිබ්බද? අලිගැටපේරවලට කැමතියි නම් අනිවාර්යෙන් කියවලා බලන්න | Avocado Seed Tea Health Benefits

ඉතින් දැන් කියන්න යන්නේ මෙච්චර ගුණ ඇති හැබැයි කවුරුත් වැඩියේ අහලා නැති අලිගැටපේර තේ හදාගන්නේ කොහොමද කියලයි.

මේ පානය සකසා ගැනීම ඉතාමත් පහසුයි. මොකද මේ වෙනුවෙන් ඔබට කරන්න තියෙන්නේ ඉතාමත් සුළු දෙයයි.

මුලින්ම අලිගැටපේර ඇට ගෙන විනාඩි 30ක් පමණ එය තම්බා ගන්න.

ඉන්පසුව ඔබට එය පානය කළ හැකි වෙනවා.

රස ගුණ පිරි අලිගැටපේර ගැන මෙහෙම කතාවක් අහලා තිබ්බද? අලිගැටපේරවලට කැමතියි නම් අනිවාර්යෙන් කියවලා බලන්න | Avocado Seed Tea Health Benefits