සියලු වැසියන් මේ ප්‍රදේශවලින් ඉවත්වෙන්න ගුවන් ප්‍රහාරයක් සූදානම් - ඊශ්‍රායලයෙන් අනතුරු ඇගවීමක්
ඊශ්‍රායල හමුදාව යළිත් බලහත්කාරී නියෝගයක් නිකුත් කරමින් ලෙබනනයේ බීරුට් අගනුවර දකුණුදිග තදාසන්න ප්‍රදේශය වන 'දාහියේ' හි සියලු වැසියන්ට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීමට නිකුත් කර ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වාසය කරන මෙම ප්‍රදේශයට නුදුරු මොහොතකදී දැඩි ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවත්, එම අනතුරු ඇඟවීමේදී වහාම ඉවත් වීමට පදිංචිකරුවන්ට අවශ්‍ය බව ඊශ්‍රායල ආරක්ෂක අංශ දන්වා තිබේ.
විශේෂයෙන් හාරෙට් හරෙයික් (Haret Hreik), ගොබේරි (Ghobeiry), ලයිලකි (Laylaki), හදත් (Hadath), බර්ජ් අල්-බරජ්නේ (Burj al-Barajneh), තහ්විතාත් අල්-ගදීර් (Tahwitat al-Ghadir) සහ චියා (Chiyah) යන ප්‍රදේශවල සිටින පදිංචිකරුවන්ට වහාම ඉවත් විය යුතු බව නිවේදනය කර තිබේ.
ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයින් සඳහන් කරන්නේ හිස්බුල්ලා සංවිධානයට අයත් ප්‍රදේශවලට මෙම ප්‍රහාර එල්ල කරන බවයි.
මේ නිසා බීරුට් අගනුවරේ වැසියන් දැඩි භීතියට පත් වී, දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා පලා යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.