අද ඉරානයට තීරණාත්මක දවසක් - ඉතිහාසයේ දරුණුතම ප්‍රහාර එල්ල කර ඉරානය අතුගා දමන බවට අමෙරිකාවෙන් තර්ජනයක්
ඉරානය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ යුධ මෙහෙයුම්වල තවත් තීරණාත්මක සහ දරුණුතම දිනය අද උදාවී ඇති බවට එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඔහු පවසා ඇත්තේ අද දිනයේදී මෙතෙක් ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලට වඩා වැඩිම ප්‍රහාරක යානා, බෝම්බ හෙලන යානා සහ ප්‍රහාර සංඛ්‍යාවක් භාවිතා කරමින් ඉරානය තුළ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවයි.
අද (10) දිනයේ පෙන්ටගනයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
එමෙන්ම ඉකුත් පෙබරවාරි 28 වැනි දින මෙම යුධ ගැටුම් ආරම්භ වූ දා සිට අද දිනය මෙහෙයුම් ඉතිහාසයේ වඩාත්ම තීව්‍ර දවස වනු ඇති බවට වාර්තා වේ.