ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අවධානයක් - හෙට සිට මාර්තු 14 දක්වා කොළඹදි විශේෂ සමුළුවක්
ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ සමුළුව (හෙට) මාර්තු 11 සිට මාර්තු 14 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත බව සඳහන්. ඒ අනුව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතව සිටින බව වාර්තා වේ.
එසේම සමුළුවේදී විදේශ සම්පත්දායකයින් 45 දෙනෙක් චර්ම රෝග ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හා සොයාගැනීම් පිලිබඳ දේශන පැවැත්වීමට නියමිත බව සඳහන්.
එමෙන්ම මෙම ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චර්ම රෝග විශේෂඥයින් සහ සම්පත් දායකයින් 150 එක් වීමද විශේෂත්වයක් වේ.
මෙහි සමාරම්භක උත්සවය දෙස් විදෙස් ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු 11 දින (හෙට) රාත්‍රි 07.00 ට කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිත අතර මෙම සමුළුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අවධානයක් දිනා ගැනීමට හැකි අවස්ථාවක් වේ.