අගමැති හරිනිට පිලිපීනයේ දී සම්මානයක්
කාන්තා නායකත්වය සහ සවිබල ගැන්වීම සඳහා දැක්වූ විශේෂ කැපවීම පිළිබඳව අගයමින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට පිලිපීනයේ මැනිලා නුවරදී “ෂීරන් ලටීෆ් කාන්තා නායකත්ව සම්මානය” (Shireen Lateef Women’s Leadership Award) පිරිනැමීය.
මෙම අවස්ථාවේ දී ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූලස්ථානයේ පිලිපීනයේ මැනිලා නුවර ජාත්‍යන්තර කාන්තා දිනයේ සැමරුම් උළෙලේදී සිදු වූ අතර, ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍යවරිය විසින් පවත්වන ලදී.
ඇයගේ දේශනයේදී කාන්තාවන්ගේ ගෘහස්ථ කාර්යයන්—බොහෝ විට වැටුප් නොලැබෙන—ජාතික ආර්ථිකයට සහ පවුලට විශාල දායකත්වයක් සපයන බවද, එම මෙහෙවර නිසි ලෙස හඳුනාගැනීමේ වැදගත්කමද ඉදිරිපත් කළේය.
අග්‍රාමාත්‍යවරිය කාන්තාවන් පූර්ණ වශයෙන් ආර්ථික ක්ෂේත්‍රයට සම්බන්ධ කරගැනීමට අවශ්‍ය කාන්තා හිතකාමී ප්‍රතිපත්ති සහ සමාජ ආරක්ෂණ වැඩසටහන්වල අවශ්‍යතාවද අවධාරණය කළාය.
එමෙන්ම, පවතින බාධා ඉවත් කිරීම සඳහා රජයන් සහ ජාත්‍යන්තර සංවිධාන එක්ව කටයුතු කළ යුතු බවද ඇය සදහන් කළාය.