වාද්දූවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක්

Report

වාද්දූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යුවලක් තුවාල ලබා ඇත.

පොලිසිය සඳහන් කළේ, මරදානේ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිටි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් තුවාල ලැබූ අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා මුලින් පානදුර රෝහලට ඇතුළත් කර ඇති බවත්, පසුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවත් පොලිසිය පැවසීය.

තුවාල ලැබූ දෙදෙනාම 26 හැවිරිදි වියේ පසුවන බව ද පොලිසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු වාද්දූව පොලීසිය විසින් සිදුකරමින් පවතී.

රටම කළඹපු මඩකළපු අභිරහසේ සුල මුල හෙළිවෙයි

රටම කළඹපු මඩකළපු අභිරහසේ සුල මුල හෙළිවෙයි

සිනොපෙක් සුපර් ඩීසල් මිලත් අහස උසට

සිනොපෙක් සුපර් ඩීසල් මිලත් අහස උසට