රටම කළඹපු මඩකළපු අභිරහසේ සුල මුල හෙළිවෙයි

Report

පසුගිය දා මඩකලපුව, නෙල්ලික්කාඩු ප්‍රදේශයේදී වෙල්යායක පාළු ළිඳක වැටී සිටියදී කාන්තාවක් සහ එම ළිඳෙන් කාන්තා මළ සිරුරක් සොයාගත් සිද්ධියේ සුලමුල හෙළිකර ගැනීමට පොලීසියට හැකියාව ලැබී තිබේ.

මෙම සිද්ධියට අදාළව දිස්ත්‍රික් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයක් සිදු කරන ලදි. එහිදී කාංචිරම්කුඩා ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් සහ ස්වාමිපුරුෂයාගේ සහෝදරයෙකු (මල්ලි) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී අනාවරණය වූයේ ළිඳේ සිටි කාන්තාව හා එම ළිඳෙන් හමුවූ කාන්තා මළ සිරුර යන සිද්ධීන් දෙකටම ඔවුන් සම්බන්ධ බවයි .

වවුනතිව් සිට මඩකලපුව නගරය බලාගිය තරුණ මවක් සහ වයස අවුරුදු දෙක හමාරක දරුවෙකු ඉකුත් බ්‍රහස්පතින්දා (19) අතුරුදන්ව ඇති බවට වාර්තා විය.

ඉන්පසුතරුණ මව පාළු ළිඳකට දමා සිටියදී බේරාගත් අතර, ඇයගේ දරුවා අසල වෙල්යායක සිටියදී ඊට පසුදින (20) සොයාගත් අතර එහිදී එම ළිඳ තුළම තිබී කාන්තා මළ සිරුරක්ද හමු විය.

දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් ලීලාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ කොක්කටිචෝලෙයි, වවුනතිව්, ආයිත්තියමලෙයි, වෙල්ලාවෙලි සහ මඩකලපුව මූලස්ථාන පොලිස් ස්ථානවල නිලධාරීන් මෙන්ම විශේෂ අපරාධ විමර්ශන අංශය සහ දිස්ත්‍රික් බුද්ධි අංශය එක්ව CCTV දර්ශන පරීක්ෂා කරමින් මෙම සිද්ධියට අදාළ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එම විමර්ශන වලට අනුව වන්තාරුමූලෙයි ප්‍රදේශයේ නිවසක් වටලා ඊයේ (21) රාත්‍රී 7ට පමණ එහි සිටි 26 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්පසුව ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇයගේ ස්වාමිපුරුෂයා වන 34 හැවිරිදි පුද්ගලයෙක්, ඔහුගේ 22 හැවිරිදි සහෝදරයෙකු වවුනතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

දරුවා සමග බස් රථයක් එනතුරු බලා සිටි තරුණ මව රුපියල් 100ක මුදලකට මඩකලපුව නගරයට ඇරලවන බව පවසා ත්‍රිරෝද රථයට නංවාගත් බවත් ඉන්පසුව පසුව ඇය උකස් කළ රන් ආභරණ මුදාගැනීම සඳහා නගරයට ගිය අවස්ථාවේදී සැකකාරිය ඇය පසුපස ගමන් කළ බවත් සැකකරුවන් පවසා තිබේ .

ඉන්පසුව මෙහිදී ඇතිකරගත් හිතවත්කම මත එහිදී ඇයට පළතුරු යුෂ පානයකට මත්වන ද්‍රව්‍යයක් මිශ්‍රකර ලබාදී තරුණ මව සිහිමුර්ජා කර, ඇය සතු පවුම් 5ක තැල්ල, පවුමක රන් මාලය කොල්ලකා තිබේ අනතුරුව දරුවා වෙල්යායකට දමා, සිහිසුන්ව සිටි මව තාන්තමලෙයි නෙල්ලික්කාඩු ප්‍රදේශයේ පාළු ළිඳට දමා සැකකරුවන් පළා ගොස් තිබේ.

  එලෙස කොල්ලකෑ රන් ආභරණ උකස් කර ඔවුන් මුදල් ලබාගෙන ඇති බවත් වාර්තා වේ.

 තව දුරටත් මෙම සැකකරුවන් හෙළිදරව් කර ඇත්තේ ළිදේ තිබී හමු වූ අනෙක් කාන්තා මළ සිරුර ද මොවුන් විසින්ම මෙම කාන්තාවට සිදුකළ ආකාරයටම මත්වන ද්‍රව්‍යයක් ලබාදී රන් ආභරණ කොල්ලකා පසුව ළිඳට දැමූ කාන්තාවක් බවයි.

ඉහළ යන බස් ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට

ඉහළ යන බස් ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට