ඉන්ධන සැපයුම පිළිබඳව අසුබ ආරංචියක් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් නොලැබේ
අද (22) මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, මාර්තු 24 සහ 25 දින ලංකාවට පැමිණීමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් 90,000ක බොරතෙල් නැව නොපැමිණෙන බවය.
එමෙන්ම, අප්‍රේල් 12 සහ 13 දින පැමිණීමට නියමිතව තිබූ තවත් මෙට්‍රික් ටොන් 90,000ක බොරතෙල් නැව පැමිණීමේද යම් අවදානමක් පවතින බව අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
බොරතෙල් නැව පැමිණ නොමැති වීම නිසා මෙරට පිරිපහදු ලෙස වෙළඳපොළට නිකුත් කරන ඩීසල් සහ පෙට්‍රල් නියමිත ප්‍රමාණයට ලබා දීමට නොහැකි වීමේ අවදානමක් පවතින බවද ඔහු අවධාරණය කළේය.
ඒ අනුව, පිරිපහදු ලෙස වෙළඳපොළට ලබා දිය හැකි ඩීසල් ප්‍රමාණය සියයට 30 ක්, සහ පෙට්‍රල් ප්‍රමාණය සියයට 20–25 ක් පමණි බවත්, අමාත්‍ය ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.