හිටපු මහ බැංකු අධිපති ගෙන් ජනපතිට ලිපියක්..

Gotabaya Rajapakshe W. D lakshman
By Aruna Sep 14, 2021 05:38 AM GMT
Aruna

Aruna

Report

තමන් අද සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් පවසනවා.

මීට දින තුනකට පෙර එම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කිරීමට තමන් පියවර ගත් බවයි  ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

ඒ අනුව තමන් අද සිය නිල නිවාසයෙන්ද ඉවත්වීමට කටයුතු කරන බව හිටපු මහ බැංකු අධිපතිවරයා කියා සිටියා.

ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ සඳහන් කළේ නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හෙට එම ධුරයේ වැඩ භාරගන්නා බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now