හර්ශනගෙන් වෙන්වුණු වොල්ගා කල්පනි නැවත විවාහා වෙයි..? (PHOTOS)
වොල්ගා කල්පනී කියන්නේ අපේ රටේ ඉන්න නැගී එන දක්ෂ රංගන ශිල්පිනියක්.පහුගිය දවස් වල ඇය ගැන බොහෝ සෙයින් කථා බහට ලක්වුනා.ඊට ප්‍රධානතම හේතුවක් වුනේ ඇයගේ විවාහය දෙදරා යාමට. ඇය විවහා වී සිටියේ අප හොඳින් දන්නා දක්ෂ රංගන ශිල්පියෙක් වන හර්ෂණ බෙත්මගේ සමඟයි.
ඉතින් මේ වෙන වෙනකොට පළමු විවාහයෙන් වෙන් වෙලා තනිකඩව ජීවත් වෙලා ඉන්න වොල්ගා කල්පනී ගැන මේ දිනවල බොහෝ සෙයින් කතා බහට ලක් වී තිබෙනවා. ඒ ඇය මේ දිනවල පාරට බැහැලා කියලා. පාර දිගේ ටුටූ කිව්වහම වොල්ගා හරි ජනපි‍්‍රයයි. වොල්ගා කියන්නේ ඒකාකාරී චරිතයකට කොටු වුණ නිළියක් නෙවෙයි.
ඉතින් විවිධ වු චරිත ඔබට ලැබෙන්නේ වාසනාව නිසාලු. ඉතින් ඇය ඒ ගැන කියන්නේ මෙහෙමයි. මොකද රංගන ශිල්පිනියකට දක්ෂතාවය වගේම වාසනාව කියන දේ බලපානවා. මම එක චරිතයකට කොටු වුණ කෙනෙක් නෙවෙයි කියලා ප්‍රවීනයන් පවා මට කියලා තියෙනවා යම් අවස්ථාවලදී…. කොහොම උනත් මම චරිත රඟපාන්නේ තෝරා බේරාගෙන…. මම දෙවියන්, බුදුන්, ජේසුස් වහන්සේ විශ්වාස කරන කෙනෙක්… ඉතින් ඒකාංගික චරිත වලින් මිදිලා විවිධ වු චරිත වලින් ප්‍රේක්ෂකයින් හමුවට එන්න ලැබීම මගේ පිනක් කියලා මම විශ්වාස කරනවා. මම මගේ ජීවිතය ගැන තෘප්තිමත් වෙන කෙනෙක්
. මට අවශ්‍ය සහ මට ගැළපෙන දේවල් තමා මගේ ජීවිතේ මට හමුවුනේ. මගේ ජීවිතයේ දුක් වෙන්න හේතු නැහැ… අනික මම ගත්ත කිසිම තීරණයක් ගැන පසුතැවෙන විදිහට මම තීරණ අරගෙන නැහැ….. ඒ නිසාම මම ගත්ත තීරණ ගැන මට කවදාවත් පසුතැවීමක් ඉතුරු වෙලා නැහැ…. මගේ ජීවිතයට අවශ්‍ය දේවල් මට කොහොමහරි ලැබෙනවා. නොගැළපෙන දේවල් මගේ ජීවිතයෙන් ඈත් වෙනවා.
ඉතින් ඒ නිසාම මගේ ජීවිතය තුළ මම ගත්ත තීරණ ගැන මම කවදාවත් ආපහු හිතන්නේ නැහැ…. හරිම තැනදි හරිම තීරණ තමයි මම ගත්තෙ. වොල්ගා නිරන්තරයෙන් සමාජ ජාලා තුළ දකින්න ලැබෙද්දි මේ දිනවල ඇය අපූරු කොණ්ඩා විලාසිතාවන් නිසාද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබෙනවා. එම සුන්දර විලාසිතාව ඇගේ සුන්දරත්වය තවත් වැඩි කර ඇති බවට සැකයක් නැහැ.
මට හිතුනා කොන්ඩේ පොඩ්ඩක් කොට කරලා බලන්න…. ෂොට් හෙයා කියන්නෙත් ෆැෂන් එකක්නේ, අනික අපි වෙනස්වෙන්න බය වෙන්න හොඳ නෑ, අපිට වෙනස් වෙන්න වෙනස් තීරණ ගන්න පුළුවන් වෙන්න ඕන.කෙසේ නමුත් මේ වන විට තනිකඩව දිවි ගෙවන වොල්ගා පසුගිය වැලන්ටයින් දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබෙනවා.එහි සටහන්ව තිබුනේ මට ගෙදරින් වද දෙනවා දීගෙක යන්න කියලා.
ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |