මතකයි එදා මං හිනාවුණා, ඒ එයා මගෙ කියලා හිතලා-ජනප්‍රිය නිලියගේ සංවේදී සටහනක් (PHOTOS)
තාරුණ්‍යයේ හදවත් සොරාගත් දක්ෂ ජනප්‍රිය නිලියක් තමයි වොල්ගා කල්පනී. මේ දිනවල ඇය පාර දිගේ ටෙලි නාට්‍යයේ දැකගන්න පුළුවන් ඒ විශිෂ්ට රංගනයක් සමගින්. විටෙක නිවේදිකාවක් ලෙසත් රංගන ශිල්පිනියක් ලෙසත් ඇය කලා ලොවේ සිටි. නර්තනයට ඉතාමත් දක්ෂ තරුණියක් තමයි ඇය. නිහතමානී වගේම හැමෝම එක්ක සුහදව ඉන්න නිලියක් තමයි වොල්ගා කියන්නේ.
විවාහය දෙදරා යාමත් සමග ඇය ජිවිතයේ තනිකමට පෙම්බැන්දා කිවුවොත් හරි නමුත් ඇයට විවිධ කට කතා ගොසිප් හැදුනා. නමුත් ඇය අදටත් තනිකඩ ජිවිතයක් ගත කරන්නේ. විවාහ වෙන්න අදහසක් නැහැ කියලයි ඇය කියන්නේ. විවාහය කියන්නේ නිකම් කඩදාසියක් විතරයි කියලයි ඇය කියන්නේ. ඉතාමත් සංවේදී සටහන් ආදරය ගැන ඇය සමාජ මධ්‍යයේ තබනවා. ඒ සටහන් දකින ඕනෑම කෙනෙකුට හිතෙන්නේ ඇය අතීත මතක එක්ක තවමත් ජිවත් වෙන බවයි.
"මතකයි එදා මං හිනාවුනා.ඒ එයා මගේ කියලා හිතලා නෑ ඒ හිනාව එයාගේ. ඉතිං, අයිති ඇය කෙතරම් පින්වන්තද". කියලා තමයි ඇය සටහනක් එක්කර තිබුනේ. එය ඉතාමත් සංවේදී සටහනක් වුනා. ඇයගේ ආදරණිය ප්‍රේක්ෂකයන්ද ඒ සටහන නිසා සංවේදීව අදහස් දක්වා තිබෙනු දැකගන්න ලැබුනා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |














