ඒ පාරනම් කන්න බත් ටිකක්වත් නැතිවෙයි වගේ...
දේශීය කීරි සම්බා හා සම්බා සහල් මිලට ගැනීමේදී වැඩි මිලට අලෙවි කිරීමට අමතරව සහල් මෝල් හිමියන් කොන්දේසි පනවමින් ඇති බව තොග වෙළඳුන් කියයි.
සහල් මෝල් හිමියන් විසින් කීරී සම්බා හා සම්බා සහල් ලබා දෙන්නේ සිල්ලරට අලෙවි කළ යුතු පාලන මිලටද වඩා වැඩි මිල ගණන් යටතේ බවටද තොග වෙළදුන් පවසයි.
මේ වන විට වෙළඳපොලේ කී සම්බා හා සම්බා සහල් හිඟයක්ද ඇති වී තිබෙන බවත් පවසයි.
මෝල් හිමියන්ගෙන් කීරි සම්බා හා සම්බා සහල් මිලට ගැනීමේදී කැකුළු සහල් හා නාඩු සහල් තොග මිලදී ගැනීමද අනිවාර්ය කර ඇත.
කිලෝ වශයෙන් මිලට ගැනීමේදී කිරි සම්බා කිලෝවක් රුපියල් 320-340 මිල ගණන් යටතේ මිලට ගැනීමට සිදුව තිබේ. සම්බා සහල් කිලෝවක් 270-290 මිලකට මිලට ගැනීමට සිදුවී ඇති බවද වෙළදුන් කියා සිටිති.
රජය විසින් සම්බා සහල් කිලෝවක් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 240ක් වන අතර කිරි සම්බා කිලෝක උපරිම සිල්ලර මිල රුපියල් 260කි.
