මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..
හෙලයේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය පසු ගිය දා දැයෙන් සමුගත් අතර ඇයගේ වියෝවෙන් බොහෝ දෙනෙක් දුකට,සන්තාපයට පත් විය..
ඉතින් ඇයගේ අමාරුම කාලේ ඇය ලගම හිදිමින් ඇයව රැක බලාගත් ඒ ආදරණීය සේවිකාව මාලනිය ගැන කියලා තිබුණේ ශෝකය සංවේගය මුසූ මතකයන් රැසක් පිළිබදවයි..
"මගේ ගම තඹුත්තේගම. මම රැකියාවක් හොයමින් ඉන්න කාලෙක මාලිනී මිස් දන්න කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි මිස් ළඟට ආවේ. ඒ 2007 අප්‍රේල් මාසයේ. එතකොට මිස් හිටියේ මාලඹේ ගෙදරක. එදා මාලනී මිස් මාව ආදරෙන් පිළිගත්තා. මාලිනී මිස් හරිම කරුණාවන්ත කෙනෙක්. මම හිත රිද්දන, උඹ බං කියලා කතා කරන අය ළඟ ඉන්න කැමති නැහැ. ඒත් මාලිනී මිස් කවදාවත් මට එහෙම කතා කරලා නැහැ.
එදා පළවෙනි දවසේ මිස් මාව පිළිගත්ත. ඒ ආදරේ එන්න එන්නම වැඩි වුණා මිසක් මේ ගත වුණු අවුරුදු 18න් එකම දවසකවත් මිස් මගේ හිත රිදවලා නැහැ. ඒ නිසාමයි මිස් නැති වේදනාව මේ තරම්ම හිතට දැනෙන්නේ. “අපේ මිස් එක එක ජාතියේ කෑම කන්න ආසයි. මට ඒ හැම දේම හදන්න පුළුවන් නිසා මිස් කියන්නේ මොනවද, මම ඒක එයාට හදලා දෙනවා. ඒත් කොහේ හරි ගිහින් රස කෑම වේලක් කාලා ආවත්, කවුරුහරි කෑම වේලක් ගෙනාවත් මිස් කියන්නේ නිලූකාගේ කෑම වගේ රහ නෑ කියලයි.
මිස් වැඩිපුරම කැමති ගමේ කෑමබීමවලටයි. අසනීපෙන් හිටිය අන්තිම දවස්වල මිස්ට බත් කන්න දුන්නේ නැහැ. ඒත් මම ළඟට ගියාම මට බත් උයල දෙන්න කිවුවා. මට හරිම දුකයි, වෛද්‍ය උපදෙස් නිසා මට ඒක කරන්න බැරි වුණා නේ මගෙ මිස් වෙනුවෙන්. මිස් අසනීප වුණාට පස්සේ එයා වෙනුවෙන් කෑමබීම හදද්දී මම වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැද්දා. එහෙම කළේ මිස්ට ආදරේ නිසා, එයාව ඉක්මනින්ම සනීප කරගන්නයි. ඒත් අපි නොහිතපු වෙලාවක අපේ මිස් අපිව දාලා ගියා.
මම ආව මුල් කාලෙත් මිස් අසනීප වුණා. ටික දවසක් හොස්පිට්ල් ඉඳලයි සනීප වුණේ. ඊට පස්සේ මිස් හදවත් සැත්කමට ඉන්දියාවේ ගියා. මිස් ඒ ගමන ගියේ එයාගේ යාළුවා රේඛා මිස් එක්කයි. වරින්වර මිස්ගේ අසනීප තත්ත්වය මතු වුණත් ප්‍රතිකාර අරන් සනීපෙන් හිටියා. 2012 අවුරුද්දේ වගේ තමයි අපි මාදිවෙල මේ ගෙදරට ආවේ. මිස් ආස වුණේ ගාර්ඩ්න් එක කොළ පාටට තියෙනවා දකින්නයි. ඒ නිසාම කොළ පාට තියෙන ගස් වර්ග ගොඩක් හිටෙව්වා. ඒ වගේම මිස් මල්වලටත් ගොඩක් ආසයි. මේ ගෙදරට ආව මුල් කාලේම අපි ගෙදරට ඕනෑ එළවළු ටික වත්තෙම වවාගත්තා.
අපේ මිස් මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් හරිම ආදරෙයි; කරුණාවන්තයි. මම ආව මුල් කාලේ බළල්ලු පස් දෙනෙක් හිටියා, බල්ලෝ දෙන්නෙක් හිටියා. මිස් එයාලට පුදුම ආදරයක්, කරුණාවක් තිබුණේ. මම මෙහෙදි තමයි දැක්කේ වැඩිම කාලයක් ජීවත් වුණ බළල්ලු. ඒ හැමෝම අවුරුදු 16, 18 වගේ ලොකු කාලයක් ජීවත් වෙලයි මැරිලා ගියේ. දැන් ඉන්න බළලට වයස අවුරුදු 19ක්. හැමෝටම ආදරය, කරුණාව දක්වපු මාලිනී මිස් පිනට දහමටත් ගොඩක් නැඹුරු වුණු කෙනෙක්. කුල දරුවෙක් පැවිදි කරලා උන් වහන්සේගේ අධ්‍යාපනයට අවශ්‍ය වියදම් දිගටම මිස්ගේ බැංකු ගිණුමෙන් යන විදිහට ඒ කටයුතු සලසා තියෙනවා.
ඒ කිසිවක් මිස් ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් කළ දේවල් නෙවෙයි. මේ පාර අසනීප වෙලා මිස් රෝහලේ දවස් පහක්-හයක් හිටියා. අන්තිම දවස වෙද්දි මිස් කතා කළේ අමාරුවෙන්. ඒත් මූණ දිහා හොඳට බලාගෙන කතා කළා. එදා 23 වැනිදා උදේ රෝහලට ගිය මම එදා රෑ හත විතර වෙනකම්ම මිස් ළඟ ඉඳලයි ගෙදර ආවේ. එදා රෑ 12-1 අතර තමයි අපට ආරංචි වුණේ අපේ මිස් සදහටම අපව දාලා ගියා කියලා.
ඒක තමයි මම මෙතෙක් ජීවිතේ අහපු මට දරාගන්න ගොඩක්ම අමාරු වුණ දේ. එදා හිතට දැනුණු වේදනාවම අදත් මට දැනෙනවා අපේ මිස් අපි ළඟ නෑ කියලා මතක් වෙන වාරයක් ගානේ. මම මිස්ව බලාගත්තා කියන සතුට විතරයි අද මට තියෙන්නෙ. මම එයාට කැව්වා, පෙවුවා. ඒ කිසිම දෙයක් වධයක්, කරදරයක්, මහන්සියක් විදිහට කොයිම වෙලාවකදිවත් මට දැනුණේ නැහැ. අසාධ්‍ය වුණු වෙලාවල මිස්ගේ කැත-කුණු අතගෑවත් මට ඒ කිසිම දෙයක් අප්‍රසන්න වුණේ නැහැ"
ඉතින් ඇය මාලනිය ගැන කියලා තිබුණේ ඒ වගේ කතාවක්..
