ඇසිඩ් ප්‍රහාර කමින් කැරම් බෝර්ඩ් නඩුවට තොරතුරු දුන් අභීත රාජ්‍ය සේවකයා...
මධ්‍යම පළාත් විගණන අධිකාරී තනතුරක මනුස්සයෙක් වැඩ කලා ලලිත් අඹන්වල කියලා රාජ්‍ය සේවකයෙක් ඔහු ගැන කතාවයි මේ.. 2002ට කලින් මහනුවර හිටපු අධ්‍යාපන අධ්යක්ෂ ආනන්ද මුණසිංහ සහ ප්‍රධාන ගණකාධිකාරි ආනන්ද වීරසිංහ කියල දෙන්නෙක් තව කණ්ඩායමයක් එකක් එක්ක එකතු වෙලා ලොකු ගාණක රජයේ මුදල් වංචාවක් කරනවා..ඉස්කෝල සෙට් එකකට කම්පියුටර්ස් මේස පුටු ගන්නවා කියල බොරු බිල් දාලා ගහපු ගේමක් ඒක.
කෝටි ගාණක වංචාවක්.. අඹන්වලට මේ සිද්ධිය අතටම අහුවෙනවා. ඒ නිසා එතුමා මේ සිද්ධි අතාරින්නැතුව දිගටම ඒක පස්සේ වැටුණා.ඊට පස්සේ ඔහුට කෝටියක් දෙන්නම් මේ සිද්ධියෙන් අයින් වෙන්න කියලා වංචාව කරපු පිරිස යෝජනාවක් ඉදිරිපත් කළා. ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා.. ඊටපස්සෙ ඔහුට මරණ තර්ජන. වාහනේ උඩට පරණ ගෙයක් කඩලා දාලා අනතුරක් විදියට පෙන්නන්න උත්සාහා කරනවා... හැබැයි එතුමා බේරෙනවා. අන්තිමට මහනුවර අස්ගිරිය පොලිස් ග්‍රවුන්ඩ් එක ලඟදි ඔහුගේ මූණට ඇසිඩ් ගහනවා. වාහනෙ ඩ්‍රයිව් කරද්දි ගහන්නෙ.. චූටි දුව එහා පැත්තෙ සීට් එකේ... පස්සෙ කාලෙක ඔහු කියනවා මට ඒ වෙලාවෙ මතක් වුනේ මගෙ දුව ගැන විතරයි කියල. ඔහුට නඩුවක් වැටෙනවා... ඔහුට නියම ව්යු වන්දි මුදල් පරක්කු වෙනවා. එක එක ප්‍රශ්න වෙනවා.අවසානයේ ඒ නඩුවේ තීරණය ආවා. මහනුවර හයිකෝට් ජජ් ප්‍රීති පද්මන් සූරසේන දෙනවා සුපිරිම ජජ්මන්ට් එකක්.නඩුවෙ විත්තිකාරයො 10 ක් වගේ ඉන්නවා... ඔක්කොම සෙට් එක අවුරුදු 80ක දඬුවම් කාලය එකවර ගෙවෙන්න දෙනවා මිනීමැරීමට තැත් කිරීම කියල චෝදනාවකුත් එක්ක නඩු තීරණය ලැබුණා.
ඊටපස්සෙ විකෘති වුන මූණක් එක්ක ආයෙම ලලිත් අඹන්වල තමන්ගේ සුපුරුදු රාජකාරියට පිවිසෙනවා. වන අලි 21 එකක් රඳවා තබාගැනීම, මුද්‍රණ සංස්ථාවෙ කෝටි 6ක හොරකම, මධ්‍යම සංස්කෘතික අරමුදලෙ කෝටි 5ක කේස් එක, උතුරුමැද පළාතෙ කෝටි 70ක පොහොර වංචාව, කෘෂිකර්ම අමාත්‍යාංශයෙ කෝටි 58ක සෙල්ලම වගේ ඒවා සෙට් එකක්ම මාට්ටු කරලා දීලා මහජන මුදල් ඉතිරි කරනවා... කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනවා..
යකෙක්ට වත් බය නොවී.. මතක තියාගන්න මේ ඔක්කොම කලේ ඇසිඩ් කේස් එකෙන් පස්සෙ තනි ඇහෙන් ඒක තමයි විශේෂත්වය.ඒ වගේම මහින්දානන්ද අවුරුදු විස්සකට හිරේ යවන්න අවශ්‍ය තොරතුරු නොබියව එතුමා ලබා දුන් බවත් මතක් කළ යුතුමයි. ලලිත් අඹන්වල බොසා 2021දි තමන්ගෙ අවංක ජීවිතේට සමුදෙනවා.
ඒ උදාර රාජ්‍ය සේවකයෙක් විදිහට. ඇසිඩ් කේස් ජජ්මන්ට් එකෙන් පස්සෙ හයිකෝට් එකෙන් එළියට ආපු එතුමා කිව්වෙව් එකම එක දෙයයි. ඒ, "මට තියෙන්නෙ එක ඇහැක් වුනාට ඒ ඇහැ ඇස් 6කට සමානයි, මේක මගේ ජයග්‍රහණයක් නෙමෙයි කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ගේ දිනුමක්" කියල... ඇසිඩ් වලටවත් දිය කරන්න බැරි වුණු එතුමාගේ ධෛර්යවන්තකම සියලු රාජ්‍ය සේවකයන්ට කදිම නිදසුනක්..
