රජයේ ප්‍රවෘත්ති ජනරාල්ගෙන් නිවේදනයක්

Report

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එහි සඳහන් වූයේ සාවද්‍ය වාර්තාකරණයක් සම්බන්ධවයි.

ඒ ඊයේ (30) දින මාධ්‍යවල වීඩියෝවක් සම්බන්ධයෙන් වාර්තා කිරීමත් සමඟයි.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

ඒ අනුව එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වූයේ, අඳාළ වීඩියෝව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තමන් කාලයක් පදිංචි වී සිටි, ගල්කිරියාගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අවස්ථාවක් ඇතුළත් වී තිබෙන බවයි.

වීඩියෝව තුළ එම ගම්මානයේ විවිධ පිරිස් විසින් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි පදිංචිව සිටි කාලයේ ඔවුන්ට ගණිතය විෂය ඉගැන්වූ අයුරු සිහිපත් කරමින් ජනාධිපතිතුමාට ප්‍රශංසා කිරීම සහ ගුරුවරයෙකු ලෙස එතුමා සමඟ තිබූ සම්බන්ධතාව ස්මරණය කරමින් සාකච්ඡාවක යෙදෙන ආකාරය ද දක්නට ලැබී ඇත.

එසේ වුවත් අඳාළ වීඩියෝව ” Hiru News” ෆේස් බුක් පිටුව ඔස්සේ “බඩු වල ගණන්වලට තමයි මතක් වෙන්නේ ” ලෙස මහජනතාව නොමග යවන ආකාරයේ සුළු ශීර්ෂයක් සහිතව හා එම අවස්ථාවට සාවද්‍ය අර්ථ කථනයක් ලැබෙන අයුරින් වාර්තා කර ඇති බව දක්වා ඇත.

[DNF4EFW

ඒ අනුව මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ අදාළ ෆේස්බුක් පිටුවේ මෙම සාවද්‍ය සහ නොමග යවන සුළු, වගකීම් විරහිත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව අතිශයින් කණගාටු වන බවයි.

එබැවින් අඳාළ පුවත හැකි ඉක්මනින් නිවැරදි කරන ලෙස ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටින බව එහි සඳහන්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින්නේ වගකීම් සහගත හා මහජනතාවගේ නිදහස් චින්තනයට ගරු කරන මාධ්‍ය සම්ප්‍රදායක් වෙනුවෙන් එක්වන ලෙසයි. 

ඔයාගේ අත්ලෙත් M අකුර තියෙනවද? එහෙනම් ඔයත් විශේෂයි...

ඔයාගේ අත්ලෙත් M අකුර තියෙනවද? එහෙනම් ඔයත් විශේෂයි...

රජයේ ප්‍රවෘත්ති ජනරාල්ගෙන් නිවේදනයක් | Announcement From Government Information General