පොලිස් කොස්තාපල්වරයකු ඝාතනය ‌කෙරේ...(video)

police Murder Vitharandeniya Mr.Nihal thalduwa
By Subodha Feb 18, 2022 10:18 AM GMT
Subodha

Subodha

Report

තංගල්ල-විතාරන්දෙණිය ප්‍රදේශයේදී ඊයේ (17) පොලිස් කොස්තාපල්වරයකු ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඔහුගේ නිවසට, යාබද හෝටලයක් ඉදිකර ගෙන යන ස්ථානයක සිටි පිරිසක් පොලිස් කොස්තාපල්වරයාට පහර දී ඊයේ රාත්‍රී මෙලෙස ඝාතනය කර ඇති බවයි.

නිවසේ සිටි කොස්තාපල්වරයාගේ බිරිඳට සහ තවත් පුද්ගලයකුට ද අදාළ පිරිස පහර දී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

(දර්ශන අයිතිය - සිරස නිවුස් ෆස්ට් සතුය.)



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now