නායකත්වය නැති නිසා කෝලී තරග කරන්න බෑ කියයි..කෝලී හා ක්‍රිකට් බලධාරීන් අතර ගැටුම තවත් උග්‍ර වෙයි..(PHOTOS)
ඉන්දීය ටෙස්ට් නායක විරාත් කෝලි එළැඹෙන ඉන්දියා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉන්දීය සංචාරයට අදාළව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා තමන් නායකත්වය ලබා දීමට සූදානම් බවත් පෞද්ගලික හේතුවක් නිසා එක්දින තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවත් කෝලි ඉන්දීය ක්‍රිකට් බලධාරීන් වෙත දන්වා ඇති බවද සඳහන්.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් කෝලි ඉවත් කිරීමත් සමඟින් දෙපාර්ශ්වය අතර ඇතිව තිබෙන මතභේධාත්මක තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස කෝලි මෙම තීරණය ගෙන ඇති බවයි.
ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් එක්දින සහ විස්සයි-20 ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මාට පවරා තිබූ අතර සුපුරුදු පරිදි ටෙස්ට් කණ්ඩාමේ නායකත්වය විරාත් කෝලිට පවරා තිබුණා .
අදාළ කරුණ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සහ කෝලි අතර යම් තරමක මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වී තිබූ බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |








