විමල්ගේ මිලියන 75 වංචාවට අද ලැබුණු තීන්දුව.
Sri Lanka Politician
Wimal Weerawansa
Sri Lanka
By Wayomi
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව පවතින රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වූ නඩුව කල් දමනු ලැබුවා.
ඒ, අනුව එය යලි ඔක්තෝම්බර් මස 27 වන දින කැඳවීමට කොලඹ මහාධිකරණය අද (09) නියෝග කළා.
මෙලෙස මහාධිකරණය නඩුව කල් දමා ඇත්තේ, විත්තිය විසින් ගොනුකර තිබෙන මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීමට දිනයක් ලබාදෙන්නැයි විත්ති පාර්ශවය සිදුකළ ඉල්ලීමට අනුවයි.
මෙම නඩුව, විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසන් සභාව විසින් ගොනු කර ඇත.
