බසාර් ගිය ඇමති විජිත.. එකපාරම එහෙට ගියේ ඇයි දන්නව ද?.
විදේශ කටයුතු අමාත්‍යංශය විසින් විවිධ රටවල ආහාර පාන සහ සංස්කෘතිකාංග ඇතුළත් කරමින් The International Bazaar and Cultural Extravaganza 2024 ප්‍රදර්ශනය හා සල්පිල සංවිධානය කර තිබුණේ ය.
එය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රදානත්වයෙන් කොළඹ දී පැවැත්විණ.
එහිදී විවිධ රටවල අනන්‍යතාවන් ඉස්මතු වන පරිදි විලාසිතා දැක්මක්ද පැවැත්විණ.
මෙම අවස්ථාවට සහභාගී වී සිටි අමාත්‍යවරයා සල්පිලට පැමිණ සිටි ජනතාව සමග සුහද පිළිසඳරක ද නිරත විය.
එමෙන්ම, සල්පිලේ තිබූ වෙළඳසැල් ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විණ.
You May Like This Video👇
.