ආන්දෝලනාත්මක විද්‍යා ඝාතන නඩුවේ අභියාචනා පෙත්සම් විභාගය අවසන් [PHOTO]
අද දින (6) , 2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගය අවසන් වී ඇත.
අදාළ අභියාචනා පෙත්සම් චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණය දණ්ඩනය නියම වී සිටින ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අතර එය විභාග කර අවසන් වී ඇත.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි තීන්දුව ලබාදීම පසුවට කල් තබා ඇති බව තොරතුරු වාර්තා වේ. අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය විමර්ශනය විය.


