ලැගුම්හලක නැවතී පැත්තටම කුඩු බෙදපු යුවළ මාට්ටු
හෝටලයක නැවතී සිටිමින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දිඹුලාගල කුඩා වැව ගම්මානයට ආසන්න ලැගුම්හලකදීය.
සැකකාර යුවළ පැමිණියා යැයි සැලකෙන කළු පැහැති මෝටර් රථයද මෙවන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සතුව හෙරොයින් මිලි ග්‍රෑම් 2016 සහ සැකකාරිය සතුව හෙරොයින් මිලිග්‍රෑම් 2007 ප්‍රමාණයක් තිබී ඇතැයි සොයාගෙන තිබේ.
වැඩිදුර විමර්ශන අතරතුරේදී අනාවරණය වූ කරුණක් වනුයේ සැකකාර කාන්තාව ජාඇල කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් එකක් වන අයකු බවයි. පිරිමි පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34 ක් වන අයෙකු ලෙස සැලකේ.
සැකකරුවන් සතුව තිබූ රෙදිපිළි තොගයක් සහ මුදලින් රුපියල් 73,000 ක් ද සොයාගැනීමට හැකියාව ලැබුණු බව පොලිසිය සඳහන් කරනවා.
සැකකාර යුවළ දළුකාන ගම්මානයේ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවක් සමඟ සබඳතා පවත්වා ඇති බවට පාපෝච්චාරණය කර ඇති අතර ඔවුන් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රදේශයට ගෙනැවිත් අළෙවි කරන්නට ඇද්ද? නැතහොත් වෙනත් ජාවාරමකට පැමිණ ඇද්ද? යන්න පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිසිය පවසනවා.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංගගේ උපදෙස් මත මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ජි. ඒ.සී ආරියරත්න ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් (අද) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.